අනුරට මිලියනය ඉක්මවූ ඡන්ද සංඛ්‍යාවක්

දැනට ලැබී ඇති ඡන්ද ප්‍රතිඵලය අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද මිලියනයක් ඉක්මවා ලැබී තිබෙනවා .

මෙතෙක් ලැබී ඇති ප්‍රතිඵල අනුව ඔහුට ඡන්ද 1,017,791ක් ලැබී තිබෙනවා .

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 47.31%ක් වනවා .

දෙවනුව වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා වන අතර එම සංඛ්‍යාව ඡන්ද 603,543කි .

රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගෙන ඇත්තේ ඡන්ද 325,095ක් පමණි . එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 15.11% ක් වනවා .