මාසයකට පසු ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා මරණයක් වාර්තා වෙයි

මාසයකට අධික කාලයකට පසු ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ්-19 ආසාදිත මරණයක් වාර්තා වී තිබේ. 

එරට වික්ටෝරියා ප්‍රාන්තයේ 80 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ඔස්ට්‍රේලියාව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ලක් නිර්මාණය කරමින් මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් වාර්තාවෙමින් පවතින අතර ඊයේ (23) දිනයේ ද නව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. 

මේ වන විට එම ප්‍රාන්තයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1900කට ආසන්න වී තිබේ.  

පවතින තත්ත්වය හමුවේ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව සංචරණ සීමාවන් පැනවීමට ද ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.