මගී ප්‍රවාහනය සදහා එක්කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල අද දිනයේ අඩුවක් සිදුවිය හැකි බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කරනවා.
මැතිවරණ රාජකාරි වෙනුවෙන් බස් රථ 1,600 කට අධික සංඛ්‍යාවක් යෙදවීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ .
මේ අතර ගම්බිම් බලා යෑමට යොදවා ඇති බස් රථ ප්‍රමාණවත් නොවන බවයි මගීන් චෝදනා කළේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්ෂිකා ෂෙරීන් අතුකෝරළගෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ අද දිනයේ මගී ඉල්ලුමට අනුව කාලසටහනින් බැහැරව අමතර බස් රථ ධාවනය සඳහා යොදවා ඇති බවයි.

