ලෙබනනයේ රැහැන් රහිත සන්නිවේදන උපාංගවල දෙවන පිපිරීම් රැල්ලෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් භාවිත කරන ලද වෝකි ටෝකි මෙසේ පුපුරුවා තිබෙන්නේ.
බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවල, බෙකා නිම්නය සහ දකුණු ලෙබනනනයේ මෙම පහරදීම් සිදුව තිබෙනවා.
මෙම පිපිරීම් සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් කිසිවක් ප්‍රකාශ කර නොමැති නමුත් ලෙබනනයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ ඊශ්‍රායල ඔත්තු සේවා ආයතනය වන මොසාඩ් ඊට වගකිව යුතු බවයි.

