XEC නව කොරෝනා ප්‍රභේදය රටවල් රැසක ව්‍යාප්ත වෙයි

XEC නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500 ක එම ප්‍රභේදය අඩංගු බවටයි අනාවරණය වී ඇත්තේ.

ඩෙන්මාර්කය, ඡර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානියේ . XEC නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍ර ව්‍යාප්තියක් සිදු වන බව සදහන්.

මෙම නව කොරෝනා ප්‍රභේදය ප්‍රථම වරට ජුනි මාසයේදී ජර්මනියේදී හඳුනාගැනුණා.

එහි රෝග ලක්ෂණ ද අනෙක් කොරෝන ප්‍රභේද මෙන්ම උණ, කැස්ස , උගුරේ අපහසුතා සහ සුවඳ දැනීම නැති වීම වනවා .