මෙතෙක් නිකුත් කර ඇති නවතම Apple OS එක වන iOS 18 ඊයේ එනම් සැප්තැම්බර් 16 වෙනිදා එළිදක්වා තිබෙනවා .
Apple Intelligence හි එන generative AI මෙම update එක හරහා එක් කර ඇති අතර එමඟින් Siri ඇතුළු අනෙකුත් apps සමඟ වඩාත් පහසුවෙන් වැඩ කර ගත හැකි වනවා .
ඒ වගේම මෙම update එක හරහා homescreen එකෙහි වූ icons තමන්ට කැමති වර්ණයකින් සහ , කැමති size එකකට සකසා ගැනීමේ පහසුකම ද සලසා දී තිබෙනවා .
ඒ වගේම icons පවතින ස්ථානය තමන්ට කැමති පරිදි වෙනස් කිරීමට ද දැන් හැකි වනවා .
එසේම apps hide කිරීමට සහ lock කිරීමට ද මෙම iOS 18 හරහා හැකි වන බවයි සඳහන් වෙන්නේ .
iPhone Xs සිට ඉදිරියට ඇති phones සඳහා මෙම අලුත් update එක ලබා ගත හැකි වනවා .
නේ සම්බන්ධයෙන් Apple විසින් සිය වෙබ් පිටුවේ පළ කරන ලද article එක මෙතනින් .

