එළැඹෙන අය වැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු (PAYE TAX) අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජය මගින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති බව සඳහන් ය.
එම යෝජනාව අනුව එක් එක් ආදායම් තල වලින් දැනට අයකෙරෙන උපයන විට බදු අඩුකෙරෙන්නේ මෙසේය.
මාසිකව රුපියල් 150,000ක ආදායමක් ලබන පුද්ගලයෙක් දැනට මාසිකව ගෙවන රුපියල් 3,000ක බද්ද රුපියල් 500කින් රු. 2,500 දක්වා අඩු කෙරෙයි.
මාසිකව රුපියල් 300,000ක ආදායමක් ලබන පුද්ගලයෙක් දැනට මාසිකව ගෙවන රුපියල් 7,000ක බද්ද රුපියල් 3,500කින් රු. 3,500 දක්වා අඩු කෙරෙයි.
එසේම මාසිකව රුපියල් 450,000ක ආදායමක් ලබන පුද්ගලයෙක් මාසිකව ගෙවනු ලබන රුපියල් 76,000ක බද්ද රුපියල් 12,500කින් රු. 63,500ක් දක්වා අඩුකිරීමට යෝජනා කර ඇත.
මාසිකව රුපියල් 600,000ක ආදායමක් ලබන පුද්ගලයෙක් මාසිකව ගෙවනු ලබන රුපියල් 120,000ක බද්ද රුපියල් 12,500කින් රු. 107,500ක් දක්වා අඩුකිරීමට යෝජනා කර ඇත.
ඒ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ...
“අද කැබිනට් මණ්ඩලය අයවැය සකසන භාණ්ඩාගාරයට දන්වලා යවන්න තීරණය කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග උපයන විට ගෙවීමේ බද්ද පිළිබඳ ජනතාවට සහනයක් දෙන්න. වෘත්තිකයින්ටයි, පෞද්ගලික අංශයේ සේවකයින්ටයි සහනයක් ලබාදෙන්න. ඒ සඳහා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව පිළිගන්න අද කැබිනට් මණ්ඩලයේදී තීරණය කළා. එම ගැලපුම් ඇතුළත් කරලා අයවැය ලේඛනය හදනවා.

