iPhone 16 නිල වශයෙන් වෙලඳපොළට නිකුත් වී තිබෙනවා .
කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේදී ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙසේ එළිදක්වනු ලැබුවා.
Apple Intelligence ඇතුළු නවතම විශේෂාංග රැසකින් මෙම දුරකතනය සමන්විතයි.
මේ වන තෙක් හඳුන්වා දී ඇති වේගවත්ම Apple chip එක වන A18 chip මේ සඳහා ඇතුළත් කර තිබෙන අතර ඒ හේතුවෙන් මෙහි speed එක ඉතා ඉහළ මට්ටමක පවතිනවා .
විවිධ ආලෝක තත්ත්ව යටතේ ඉතාම පැහැදිලි ඡායාරූප ලබා ගත හැකි වන පරිදි මෙහි 48MP Fusion camera එකක් ද ඇතුළත් වී තිබෙනවා .
මේ හැරුණු කොට මෙහි විශාල display එකක් සහ දිගු battery life එකක් ද මෙම නවතම iPhone මාදිලියේ ඇතුළත් වනවා .
iPhone 16,iPhone 16 plus ,iPhone 16 pro සහ iPhone 16 pro max ලෙස උපාංග හතරකින් මෙය ලෝක වෙලඳපොලට නිකුත්වනු ඇත.
මීට අමතරව නවතම ඇපල් වොච් 10 වන මාලාව (iwatch series 10) ,එයාර් පොඩ්ස් 4 (AirPods 4) ද නිකුත්වූවා.
iwatch series 10 මෙතෙක් නිකුත් වී ඇති සැහැල්ලුම සහ සියුම්ම watch මාදිලිය වනවා .
මින් පෙර මාදිලි වලට වඩා විශාල display එකක් මෙහි ඇතුළත් කර තිබෙන අතර sleep apnea notifications ද මෙහි තිබෙනවා .
ඒ වගේම මෙය වැඩි වේගයකින් charge වනවා .
තවද මෙහි ගැඹුර සහ උෂ්ණත්වය මැනිය හැකි වන සංවේදක ද ඇතුළත් වන ලෙසයි සකස් කර ඇත්තේ .
වඩාත් සුපැහැදිලි ශබ්ද ඇසෙන ලෙස AirPods 4 නිෂ්පාදනය කර ඇති බවයි Apple සඳහන් කරන්නේ .
එහි Active Noise Cancellation (ANC) හරහා බාහිර පසුබිම් ශබ්ද නොඇසෙන සේ අවශ්‍ය ශබ්දයට පමණක් focus වනවා .
ඒ වගේම මේ හරහා Siri ව කතා කරමින් පමණක් control කිරීමේ පහසුකම ද සලසා දී තිබීම විශේෂත්වයක් .

