රුසියාවෙන් හමු වුණු කිලෝ 17ක් බර පූසෙක්

මිනිස් දරුවෙකු තරම් බරැති දැවැන්ත පූසෙක් රුසියාවේ රෝහලක පහළම මාලය තුළ ජීවත්ව සිටියදී පසුගිය සතියේ සොයාගෙන තිබෙනවා.

සත්ත්ව පෙම්වතුන් විසින් බේරා ගන්නා විට ක්‍රොෂික් නම් මෙම පූසාගේ බර කිලෝග්‍රෑම් 17ක්.

මෙම පූසා හමු වූ විට ඇවිදීමට පවා නොහැකි තරම් මහත බවයි සඳහන් වෙන්නේ .

ඔහුව විවිධ වෛද්‍ය පරියේෂණ සඳහා යොමු කර ඇති අතර පූසාගේ බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම සහ පාලනය කරන ලද ආහාර රටාවකට ද යොමු කිරීමටයි වෛද්‍යවරු සැලසුම් කර ඇත්තේ .

මෙම බළලා ලෝකයේ හොඳම තරබාරු බළලුන් 5 දෙනාගෙන් කෙනෙකු විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.