රත්කිද ජලාශයේ පිටවාන් දොරටු 6ක් අරී

උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් අද (9) අලුයම විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා සඳහන් කරනවා .

ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් සදහා මෙසේ උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු විවෘත කල බව පවසන  දීප්ත ජයසේකර මහතා  ජනතාවට කල්පනාකාරීව සිටින ලෙසට දැනුම් දෙයි. 

නමුත් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව හරහා ගමන් කිරීමට මින් බලපෑමක් ඇති නොවන බවද උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .