කොරෝනා වෛරසයට ගන්න පුළුවන් ඖෂධයක් ගැන වාර්තා වෙයි

කොරෝනා වෛරසය වැළඳී අසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලබා දිය හැකි අඩු මිලැති වෙළෙඳපොළේ බහුලව ඇති ඖෂධයක් පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.

“Dexamethasone” එම ඖෂධය, මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බව එක්සත් රාජධානියේ විශේඥයින් පවසනවා.

එම ඖෂධය මේ වන විටත් කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස අත්හදාබැලීම් සඳහා යොදාගෙන තිබෙන අතර එම ඖෂධය නිසා ස්වසන උපකරණ පිහිටෙන් සිටින රෝගීන්ගේ මරණ තුනෙන් එකක ප්‍රමාණයකින් සහ ඔක්ෂිජන් ලබා දෙමින් සිටින රෝගීන්ගේ මරණ 20%න් පමණ අඩු වන බව පෙනී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.