අවුරුදු 15 මට හැගීම් දැනීම් තියනවා – මට ඕනි අශාන් අයියව සතුටු කරන්න

“සර්… මම කතාව කියන්නද?”

ඒ පුංචි ගෑණු ළමයා මම මුලින්ම දැක්කේ සටේෂමේදී.

පොලිසියේ ලොකු මහත්තයෙක් ගාව ඉඳන් ඒකි මහා දිග කතාවක් කියවන්න ගන්නවා. ඒ ඇස් පුපුරු ගහන තරමේ මහා විශාල කඳුළු වැහි පහළට කඩාගෙන වැටෙනවා.

ඒකි ඇත්තටම අසරණියක්.. මට එහෙම හිතුණා ඒකි ළඟ දිගා වෙච්චි අම්මෙකුගේ මූණ දකිනකොට.. ඒ අම්මගේ අත් කුහරයෙන් පනින්නවත් මාන නොබලන ඒකි අම්මගේ ළඟින්ම ගුලි ගැහිලා හිටියා.

“අවුරුදු කීයද කියන්න මුලින්…?”

“පහළොවයි…”

“පහළොවයි…?”
පැමිණිල්ල ලියමින් හිටිය පොලිස් නිලධාරි මහත්තයාගේ ඇස් ගෙඩි විශාල වුණා.

“ඔව්…”

“ඒ කියන්නේ තාම ඉස්කෝලේ යනවා..?”

“ඔව් සර්…”

ඒකිගේ මල් පිපිච්ච ගවුම් පොඩියට ඒකි හැඩට පේනවා. හරියට පුංචි සුරංගනාවියක් තරම් ලස්සන ගැහැණු දැරිවියක්.. මොකද්දෝ පවකට මේ බිත්ති කණ්ඩි-වලට වාරු වේවී ජීවිතේ කියවන්න ගන්නවා. ඒත්.. ඒ ජීවිතේ මහා අමාරු එකක්. කියවන්න නොතේරෙන ප්‍රහේළිකා රූප-වලින් පිරිච්ච එකක්…

“දූගේ අම්මා දන්නවද මේ ගැන..?” මම ඈ ළඟට කිට්ටු වෙලා ඇහුවා.

ඇය “ඔව්” නොකියා ඔළුව පාතට හැරව්වා.. ඉන් පස්සේ තප්පර ගාණක නිහැඬියාවක්. ආයෙම ඒ දැරිවි කතා කරන්න ගන්නවා…

“ඒ වීඩියෝ එක අයින් කරන්න පුළුවන් වෙයිද අයියේ..? ප්ලීස්…”

“පුළුවන් වෙයි.. අපි ට්‍රයි කරමු…”

“ඒත්.. මම දන්නවා දැනටමත් ඒක හැමතැනම ගිහින්…” පුංචි එකි ප්ලාස්ටික් පුටුවට බර වෙලා ඒකිගේ නිය තුඩු හපන්න පටන් ගත්තා.

“කොහොමද ඒක වුණේ..?”

“අයියේ… මම එපා කිව්වා එයාට… අශාන් අයියට… අපි දෙන්නගේ එෆෙයා එක ගෙදරට අහුවුණාම… මට ඕනි වුණේ මේ සම්බන්ධේ නවත්තන්න.. ඒත් එයා ඒකට කැමති වුණේ නැහැ.. එයාට මාව ඕනි වුණා… කොටින්ම මට වදයක් වුණා.. පාඩමක් බලන්න හිතෙන් නෑ. එයාගේ මැසේජ්-වලට උත්තර ලියනවා විතරයි…” ඇගේ අතීත කතාව මඳකුත් රහ පාටයි.

“ඒ කියන්නේ දෙන්නා පැලෙන්න ආදරේ කරලා..”

“මං දන් නෑ ඒක කියන්න.. ඒත්… මට එයාව කසාඳ බැඳලා යන්න තරම් ලොකු හීන නම් තිබුණේ නැහැ අයියේ.. වෙන කෙල්ලෝ වගේ මමත් ආස කළා එයාගේ අතේ එල්ලිලා එහේ මෙහේ යන්න.. කඩචෝරූ කන්න… එයාව කොනිත්තන්න.. එයාගේ පපුව ඇරලා බලන්න.. ඕවා තමයි මගේ හීන.. ඒ ඇරෙන්න… වෙන හීන තිබුණේ නැහැ මට.. මට ඉන්නවා අහිංසක අම්මා කෙනෙක්.. තාත්තා අවුරුදු පහේදී මාව දාලා ගිය දවසේ ඉඳන් එයා මාව ඇහැක් වගේ රැක්කේ.. කොටින්ම අයියේ මගේ අම්මා වෙන මිනිහෙක් ගැන හීනෙකින්වත් හිතලා නෑ.. එහෙම ආපු උනුන්ට අම්මා සැර කරලා එළව ගන්නවා. එයා ඒ තරම් රත්තරන් අම්මා කෙනෙක්…” ඈ කතාව මඳකට නැවත්තුවා. කොරිඩෝව කෙළවරේ බිත්ති කුළුණ අල්ලගත්තු ඇගේ මව්තුමිය ආකාසේ දිහා විලිස්සගෙන ඉන්නවා. ඈ කාට හෝ කෙනෙකුට ශාප කරනවා ඇති කියලයි මට හිතුණේ. ආකාසේ වළාකුළු ගොරවන්න ගනිද්දිත් ඇගේ තොල් පෙති අඟිස්සෙන් මොනාදෝ එළි බහින වග මට යන්තමින් තේරෙනවා. (මේක මහා අමානුෂික කතන්දරයක්.)

“ඉතින් ඔයාට මොකද වුණේ…? අශාන් ඔයා හිතපු ආදරවන්තයා නෙවෙයිද?”

“අපේ අම්මා අශාන්ට කැමති නෑ. ඒ අශාන් හැසිරෙන විදිහට.. එයාලා අම්මයි තාත්තයි දෙන්නත් මට අකැමැති බව මට තේරෙනවා. අයියේ… අශාන් අයියා කියන විදිහට මං ලස්සන කෙල්ලක්… ඉතින් සමහරක් වෙලාවට එයා මං දිහා කවුරු හරි කොල්ලෙක් බලනවටත් අකැමැතියි.. ඒක මට හිසරදයක් වුණා. එයාගේ තියරිය හැටියට මට යාළුවෙක් විදිහටවත් කොල්ලෙක් ආශ්‍රය කිරීම සපුරා තහනම්…”

“ඒක දණ්ඩ නීති සංග්‍රහය වගේ…” මම කියද්දි ඈ පළවැනි වතාවටද මන්දා හිනා පුළුටක් හුළඟට පිම්බා.

“ඊටත් අන්තයි.. ඒත්… එයා නරක කොල්ලෙක් නෙවෙයි අයියේ.. මට හුඟාක් ආදරෙයි.. කොටින්ම මම තමයි එයාගේ ජීවිතේ අංක එක.. මේ හැමදේම පටන් ගත්තේ එයයි මායි අපේ සීමාව ඉක්මවා යද්දී… මම දන්නවා අවුරුදු පහළවේ කෙල්ලෙක් රූම් යන එක වැරදී.. කොටින්ම දහ අට නැති අයට ෆිල්ම් හෝල් එකේ බොක්ස් එකක්වත් හම්බෙන් නෑ. ඒත්… අශාන් අයියා දක්ෂයා.. එයා කොහොමහරි අපි දෙන්නට යන්න පුළුවන් තැනක් හොයාගත්තා.. මමත් කෙල්ලෙක්නේ අයියේ.. හැඟීම් දැනීම් නැති එකියක් නෙවෙයිනේ.. එයා කරපු කියපු හැමදේටම මම අවනත වුණා.. එතනින් එයා කරපු භයානකම දේ ෆෝන් එකේ කැම් එක ඔන් කරලා මාව කැමරා කරපු එක.. ඇත්තමයි අයියේ මම එයාට එපා කිව්වේ නැහැ.. මොකද මම මගේ ආත්මයටත් වඩා එයාව විශ්වාස කළා…”

“ඉතින්…? ඊළඟට…?” පුංචි එකිගේ කඳුළු එක්කහු වුණු ඇහි පිහිලි අව් රශ්මියට දිලිසෙන්න ගන්නවා. සයිරන් නලා හඬ නෑහෙනකන් ඈ ඒ කතාවට අවශ්‍ය කළමණා කටයුතු සම්පාදනය කළා. දැන් ඈ මේ අසම්පූර්ණ ප්‍ර හේළිකාව පුරවන්නයි තනන්නේ…

“මම එයාට මාව දුන්නා අයියේ.. මගේ අම්මා අවුරුදු පහළොවක් තිස්සේ පරිස්සම් කරපු හැමදේම දුන්නා.. ඒ වෙලාවේ මට හිතුණේ අශාන් අයියව සතුටු කරන එක ගැන විතරයි.. ඒ පිස්සා මාව අමුතුම ලෝකෙකට අරන් ගියා.. පුංචි කෙල්ලෙකුට තව මොනාද ඕනි..? මම දන්නවා මම කරන දේ වැරදි කියලා..? ඒත් මට ඒකේ බැරැරූම්කමක් දැණුනේ නැහැ.. කැමරාව ඇතුළේ තිබ්බ මගේ නෙකඩ් වීඩියෝ එක මට ආයේ ආයේ පෙන්නලා එයා මාව වර්ණනා කළා. දෙයියනේ! මම එයාට කිව්වා.. එකපාරක් බලලා අයින් කරන්න කියලා.. එයා පොරොන්දු වුණා මගේ ඔලුවේ අත තියලා.. ඒක අයින් කරනවා කියලා..”
පොඩි එකි කතාව අතරමඟක නැවතුණා. සමහරක් විට ඒ දුම්රිය පිහිලි අතරේ ඒකි වල්මත් වෙන්න ගන්නවා ඇති. එදා ඒ අඳුරු කාමර කුටීරයක වෙච්චි දේවල් පෙරහැරක් වගේ ඈට මැවී පේනවා ඇති.. ඉතින් අවසානයක් නැති තැන.. ඈ හිත හදාගෙන ඒ කතාවේ ඉතිරි හරිය කියන්න තනනවා ඇති…

“ඇයි අයියට එහෙම හිතුණේ..? අනේ නැහැ දෙයියනේ.. එයා එදා රූම් එකෙන් යන්නත් කලින් පොරොන්දුව ඉටු කළා. මං බලා ඉද්දිමයි එයා ඒක ඩිලිට් කළේ…?” ඈ කියද්දි මම පුදුමයෙන් ඇගේ ඇස් බෝල දෙක දිහා මාරුවෙන් මාරුවට බැලුවා.

“වට්..? එහෙනම් කොහොම..ද…? ඒ වීඩියෝ එක ලීක් වුණේ..?” මම අමාරුම තැනක හිරවුණා. පුංචි දැරිවිගේ මුහුණු අඳුරු වුණා. ඒ තමයි.. ඒකිගේ අමාරුම හරිය..

“දවසක් අශාන් අයියගේ ෆෝන් එක කැඩිලා.. එයා දුන්නා ඒක හදන්න… මාතර ටවුන් එකේ ෂොප් එහෙකට… එයාට ෆෝන් එක ලැබුණේ නෑ සති දෙකක් විතර යනකන්.. එයාලා කියලා හදන්න අමාරුයි.. අරවා මේවා ගිහින් කියලා…”

“එතකොට එයාලද අතින්ද මේක වෙන්නේ…?”

“ඔව් අයියේ.. අශාන් අයියා ක්ලීන් කරලා තිබුණත් එයාලා ඒක හොයාගෙන.. රිකවර් කරන්න පුළුවන්ලූ එහෙම.. මම දන්නේ නැහැ.. අශාන් අයියට ෆෝන් එක ලැබුණා.. ඒත් ඊට දවස් තුන හතරකට පස්සේ මම හැමෝම දන්න පෝර්න් වෙබ් සයිට් එකක උඩම තීරුවේ ඉන්නවා කියලා ක්ලාස් එකේ යාළුවෝ මාව නෝන්ඩි කළා. අශාන් අයියගේ කටහඬත් ඇහෙන නිසා අශාන් අයියාගේ යාළුවෝත් එයාට ඒ ගැන කියලා…”

“ම්ම්ම්…” මේ තමයි ඒ කතාව.. මීට මොහොතකට කලින් පොලිස් පොතේ ලියවිච්ච මහා දුක්බර කතාව.. අවුරුදු පහළොවක කෙල්ලෙකුගේ ආත්මය විකුණන් කාපු නරුමයෝ හතර දෙනෙකුගේ කතාව.. උන්ගේ පහත් ආශාවන් නිසා වන්දි ගෙවන දුප්පත් අම්මෙකුගේ කතාව… ඒ අම්මාට දාව උපන්න තාත්තෙක්වත් නැති අහිංසක දරුවෙකුගේ කතාව……………..

“මම ඇඬුවා අයියේ… අශාන් අයියට කෝල් කර කර ඇඬුවා.. මම දන්නවා එයා මට වඩා අඬන්නැති.. එයා දිවුර දිවුරා කිව්වා එයාගේ අතේ වරදක් නැහැ කියලා.. කොටින්ම එයා මේ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා.. මමත් ඒක දන්නවා අයියේ.. මට වැරදුණා.. මගේ අම්මගේ මූණවත් බලන්න බැහැ මට.. මම හරි අසරණයි එයා ළඟ… ඒත් එයා මගේ ඔලුව අතගානවා මම අඬනකොට.. මට දැන් ස්කූල් යන්න බැහැ අයියේ.. තුන්පාරක් මම ජීවිතේ නැති කරගන්න හැදුවා… ලියුමක් ලියලා අර නරුමයන්ගෙන් පළිගන්න හිතාගෙන එක ගමනක් වහ බිව්වා.. තව පාරක් සාරි පොටේ එල්ලෙන්න ගියා.. තව වතාවක් පෙති වගයක් බිව්වා.. ඒත් ඒ හැම වතාවෙම අම්මා මාව බේරාගත්තා.. අන්තිමට එයා තමයි මාව පොලිසියට අරන් ආවේ…”

“දැන් ආයෙම ගිහින් හතරවැනි පාරටත් ජීවිතේ නැති කරගන්න ට්‍රයි කරනවද?” මම එහෙම ඇහුවා. ඇත්තටම මට අහන්න හිතුණා. තාම මනසින්වත් වැඩිලා නැති මේ ඒකි ගැන මට පුදුම හිතුණා.

“අනේ නැහැ අයියේ.. මම ඒ මෝඩ වැඩේ කරන්නේ නැහැ. අනේ මම ගියාම මගේ අම්මා පව්නේ.. කොහොම දරාගනිවීද එයා..? එයා මගේ ළඟ ඉන්න එකම මට ඇති.. මම දන්නේ නැහැ මගේ වීඩියෝ එක හෙට අනිද්දා කවුරු රහ කර කර බලයිද කියලා.. කමක් නෑ ඉතින්.. මොනා කරන්නද අයියේ.. මට දුකයි මගේ යාළුවෝ එක්ක ආයේ මට කතා කරන්නවත් බැහැ.. මට මූණ දෙන්න බෑ කාටවත්.. ආයේ ස්කූල් යන්නේ නැහැ මම.. අම්මා අපේ නැන්දා එක්ක කතා කරලා මාව ජපන්වලට යවන්න ට්‍රයි කරනවා කිව්වා.. මම එහේ යනවා අයියේ.. ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්නවා..”

මට ඒ කෙල්ල ගැන පුදුම හිතුණා. මහ බර මනසින් පෝසත් උනුනුත් ජීවිතේ ගැන බොළඳ තීරණ ගනිද්දී, මේ එකි ජීවිතේ වැරදිච්ච එකම තැන පිළිසකර කරගෙන. දැන් දැන් ඈ මේ සිමෙන්ති පොළවේ බොහෝම ගාම්භීරව ඇවිදින්න ගන්නවා.

“අශාන්…?”
මම හෙමින් ඇහුවා.

“මම එයාව හිතින් මරලා හුඟක් කල්.. එයා ආදරේ බව මම දන්නවා.. ඒත්.. එපා අයියේ.. ඒක දැන් ඉවරයි.. අශාන් කියලා කෙනෙක් මේ ලෝකේ හිටියේ නෑ. මට එයාව හම්බුණෙත් නෑ.. එයා එක්ක මම රූම් ගියේවත් වීඩියෝ කළේවත් ඒක ලීක් වුණේවත් නෑ… එච්චරයි…”

පුංචි කෙල්ල එතනින් හැරුණා. ඒ කෙල්ල එනකන් මෙච්චර වෙලාවක් බලන් හිටපු අහිංසක අම්මගේ ඇස්වල සතුට පිරුණා.

“අර වීඩියෝ එක බ්ලෝක් කරපන් මචං.. ඒකත් පරණ හැම කතාවක්ම වගේ.. මාරම දුකයි…” මම දුරකථනයට ආයෙම වද දුන්නා. ඒකට අරක්ගත්තු එකෙක් යතුරු පුවරු-වලට හයියෙන් වද දෙන සද්දේ මට ඇහෙන්න ගත්තා.

“හරි මචං.. ඒක කරලා ඉවරයි… උඹ ඒ කෙල්ලගේ නම අහගත්තද?”

“නැහැ.. ඒත් එයා අහිංසක එකියක්.. අපි එයාට අහිංසා කියමු…”
මම එහෙම කියලා පොලිසියේ මහත්වරුන්ට අත පෑවා.

(එවකට පහළොස් හැවිරිදි “අහිංසා” දැන් විසි පස්වන වියේ පසුවන නව යොවුන් තරුණියක්. ජපානයේ අධ්‍යාපන කටයුතු හදාරන ඇය ඇගේ මව සමඟ එහි ඉතාමත් සතුටින් කල් ගෙවනවා. මෙම ලිපිය ඇය විසින් පැවසූ ඇගේම සත්‍ය කතාව වන අතර පුද්ගලිකත්වය තකා නම් ගම් වෙනස් කර ඇත. ඇගේ වීඩියෝ පට මුදා හැරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අයට සිදු වූ දෙයක් දැනගන්නට නැත.)

සමිත ලක්ෂාන්