අදත් ප්‍රදේශ තුනකට හිරු මුදුන් වෙයි

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අද දිනයේදී ද ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතිනවා .

මේ හේතුවෙන් අද දින දහවල් 12:08ට හික්කඩුව, වලස්මුල්ල සහ හම්බන්තොට ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ .