හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමාගේ 21 හැවිරිදි දියණිය වන Nomcebo Zuma, එරට Eswatini රජු හා විවාහ වීමට යන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඒ ඔහුගේ 16වන බිරිඳ ලෙසට වීම විශේෂත්වයක් .
පසුගිය දා එරට ගැහැණු ළමයින් සඳහා පැවති සාම්ප්රදයික උත්සවයක් අතරතුර දී Nomcebo Zuma ව එරට රාජකීය පෙම්වතිය ලෙස නම් කර තිබෙනවා .
දින ගණනාවක් පුරා පැවැත්වෙන එම උත්සවය තරුණියන් නිරුවතින් සහ ඝන වර්ණවත් තාලයන් ඇතුළත් සාම්ප්‍රදායික ඇඳුම් ඇඳ, සින්දු ගායනා කරමින් නටමින් විනෝද වන උත්සවයක් ලෙස සැලකෙනවා .
56-හැවිරිදි Eswatini රජුට දැනට භාර්යාවන් 11ක් සිටින අතර ඔහු මේ වන විට 15 වතාවක් සමස්ත වශයෙන් විවාහ වී සිටිනවා .
ඔහු සඳහන් කරන්නේ මෙම විවාහය හුදෙක් ආදරය නිසා පමණක්ම සිදු වන බවත් , එහි කිසිදු දේශපාලන වාසියක් නොමැති බවත් ය.
Eswatini රජු පසුගිය වසර 38 පුරා රාජ්‍යත්වයේ සිටින අතර Eswatini යනු HIV ආසාදන ඉහළින් ම ඇති රටකි .

