විශ්වවිද්‍යාල සඳහා තෝරා ගැනීමේ Z ලකුණු ගැන දැනුවත් කිරීමක්

2023/2024 අ . පො . ස . උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල වලට තෝරා ගැනීමේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරනවා .

එහි උපසභාපති මහාචාර්යය චන්දන උඩවත්ත සඳහන් කළේ මේ වන විට එම අදියරයේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවයි .

මෙවර විශ්වවිද්‍යාල වලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 45,000කට අධික බවත් ඔහු සඳහන් කරනවා .