බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්

පසුගිය සති කිහිපයක දත්ත පරිශීලනය කිරීමේදී කිරීමේ දී රිය අනතුරුවල යම් ඉහළ යාමක් පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා.

මේ හේතුවෙන් ජුනි මස 15 වන දින සිට නැවත දැනුම් දෙනතුරු දෛනිකව රාත්‍රී 8.00 සිට පසුදින සවස 4.00 දක්වා කාලය තුළ සෑම පොලිස් වසමකම රථවාහන අංශ නිලධාරීන් යොදවා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සිදුකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සියලුම පළාත් වල පොලිස්‌ රථ වාහන රථවාහන අංශ වෙත දන්වා යවා තිබෙනවා.

පොලිස් වසම තුළ පැය 02 ක කාලයක් අවම වශයෙන් මෙම මෙහෙයුම සිදු කළ යුතු අතර කොට්ඨාශය තුළ ඉහත සම්පූර්ණ කරන කාලය ආවරණය වන පරිදි එක් එක් කළ යුතු ස්ථානය හා වේලාව දෛනිකව පොලිස් කොට්ඨාශ භාර නිලධාරියා විසින් සිදු කළ යුතු වනවා.