පාසල් ළමුන්ගේ විවේක කාලයේ වේලාවන් වෙනස්වෙයි

පාසල් නැවත ආරම්භ කිරීමේ දී පාසල තුළ සිසුන් ඒකරාශි වීම හෝ කණ්ඩායම් ගැසීම වැළැක්වීම සඳහා පාසල් විවේකය එකම අවස්ථාවක නොදී වෙන වෙනම දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.

පන්ති කාමරය තුළ දුරස්ථභාවය පවත්වා ගත හැකි ප්‍රමාණයටපමණක් සිසුන් යොදන ලෙසත්, පාසල් ආරම්භයේ දී හෝ අවසානයේ දීත් ඒකරාශි වීමට හෝ කණ්ඩායම් ගැසීමට ඉඩ නොතබන ලෙසත් දැනුම් දී තිබෙනවා.