ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආසියා පැසිෆික් කලාපයේ ඓතිහාසික චාරිකාවක් අරඹමින් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණ තිබෙනවා.
ඔහු සිය සංචාරයේ කොටසක් ලෙස පැපුවා නිව්ගිනියාව, ටිමෝර්-ලෙස්ටේ සහ සිංගප්පූරුව වෙත ද සංචාරය කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ .
අන්තර් ආගමික සහජීවනය කෙරෙහි අවධානය යොමු කිරීමට පාප් වහන්සේ එහි දී අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
දින 12ක මෙම සංචාරය පාප්වහන්සේ වතිකානුවෙන් බැහැරව ගත කළ දීර්ඝතම කාලය වනු ඇති බවයි සඳහන් වෙන්නේ .
87 හැවිරිදි ඔහු පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය ගැටලු වලින් පීඩා විඳි පසුබිමක මෙවැනි සංචාරයක නිරත වීම විශේෂත්වයක් .

