හිරු නැගීම – 06 : 02
හිරු මුදුන් වීම – 12 : 09
හිරු බැසීම – 18 : 16
අද සැප්තැම්බර් මාසේ දෙවෙනිදා , සඳුදා .
අද අලුත් මාසයක ඉස්සෙල්ලම වැඩ රාජකාරි සඳහා පිටත් වෙන දවස ගොඩක් අයට. ඉතින් මේ මාසේ පටන් ගන්නකොටම මේ මාසේ ඔයාට දීලා තියෙන විශේෂ වැඩ ගැන පොඩි note එකක් දා ගන්න . ඒ දේවල් කොහොමද කොයි වෙලාවටද වෙන්න ඕනේ කියල ප්ලෑන් කරන්න . ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකට planner app එකක් දා ගෙන හරි ලේසියෙන් ඔයාගේ මාසේ plan කර ගන්න .
එතකොට අපිට දේවල් මඟ ඇරෙන්න තියෙන අවස්තාව අඩුයි . එකෙන් සාර්ථකව මේ මාසේ අපේ වැඩ ටික කර ගන්නත් හැකි වෙනවා .
ඉතින් අද දවසේ විශේෂත්වය ගත්තොත් අද ලෝක පොල් දිනය . ලංකාවේ අපිට නම් පොල් කියන්නේ නැතුවම බැරි දෙයක් නේ . අපි හැමදේම උයනකොට පොල් පාවිච්චි කරනවා . ඒ වගේම පොල් වතුර , පොල් කොළ , සහ පොල් ලි වලින් නොයෙකුත් ප්‍රයෝජන ගන්නවා . පොල් මල් වලටත් සංස්කෘතික වශයෙන් විශාල වටිනාකමක් තියෙනවා අපේ රටේ . ඉතින් පොල් ගස කියන්නේ ඇත්තම ලොකු වටිනාකමක් තියෙන ගසක් එහෙම බැලුවොත් .
ඒ වගේම පොල් වතුර කියන්නේ සෑහෙන්න ගුණදායි දෙයක් . පොල් වතුරේ පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් වැනි ඛනිජ ලවණ විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා . රුධිර පීඩනය පාලනය කිරීමට, මස්පිඬු ශක්තිමත් කිරීමට සහ අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කරන්නත් උපකාරී වෙනවා . ඒ වගේම පොල් වතුර වල විටමින් C සහ B කාණ්ඩයේ විටමින් අඩංගු වනවා . ඒ නිසා පොල් වතුර අහක යවන්න නම් එපා . ..
ඇමරිකාවේ පලවෙනි ATM එක විවෘත කරලා තියෙන්නේ 1969 වසරේ අද වගේ දවසක . ඒ New York නගරයේ The Chemical Bank කියන බැංකුව විසින් .
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න .
මේ සතිය වගේම මේ මාසයත් ඉතාම සුබ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා .
ජය වේවා ! තෙරුවන් සරණයි !

