2024 වසරේ අගෝස්තු මාසයේ පළමු දින 25 තුළ දී සංචාරකයින් 143,622ක පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
මෙම මාසයේ පළමු දින 25 තුළ දී පැමිණි පිරිසෙන් 19.5%ක්ම ඉන්දියාවේ සිට පැමිණ තිබෙනවා
එම සංඛ්‍යාව 27,999ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 15,918ක්, චීනයෙන් 10,068ක් සහ ජර්මනියෙන් 9,162ක් මෙරටට පැමිණ තිබෙනවා.
මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,341,681ක්.

