වහාම ක්‍රියාත්මක වන පරිදි සිය රට තුළ X සමාජ මාධ්‍යයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට බ්‍රසීල විදුලි සංදේශ නියාමන බලධාරීන් කටයුතු කර තිබෙනවා.
X සමාජ මාධ්‍යය හරහා අසත්‍ය තොරතුරු පැතිරවීම වළක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලබාදුන් නියෝගයකට අනුව X සමාජ මාධ්‍යයේ හිමිකරු වන එලොන් මස්ක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදුලි සංදේශ නියාමන බලධාරීන් ප්‍රකාශ කළේ.
මාස ගණනාවක් පැවති නඩු විභාගයකදී ඇලෙක්සැන්ඩර් ද මොරායස් නැමති විනිසුරුවරයා එලොන් මස්ක් වෙත අධිකරණ නියෝගයක් ලබාදී තිබුණේ X සමාජ ගිණුම් කිහිපයක් තහනම් කරන ලෙසටයි.
එමෙන්ම X ගිණුම සඳහා බ්‍රසීලයේ නීත්‍යානුකූල නියෝජිතයෙකු නම් කිරීම සඳහා නිශ්චිත කාලවකවානුවක්ද ලබාදී තිබුණා.
එසේම VPN හෝ වෙනත් ක්‍රමයක් භාවිතා කරමින් X වෙත ප්‍රවේශ වීමට උත්සාහ කර හසුවුවහොත් දිනකට ඩොලර් 8,900 දක්වා දඩයක් ද පැනවීමට අධිකරණය තීරණය කර තිබෙනවා .

