සනුකට දකුණු ඉන්දීය සිනමාවෙන් ආරාධනයක්

සනුක වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට පායපු ඉතාමත් දක්ෂ සහ අතිශය ජනප්‍රිය සංගීතවේදියෙක්.

ඉතින් දකුණු ඉන්දීය සිනමාවේ නවතම සිනමාපටයකට සංගීත අධ්‍යක්ෂනයෙන් එකතු වෙන්න සනුකට අවස්ථාවක් ලැබිලා තිබෙනවා .

මේ ආරාධනාව හිමි වෙලා තිබෙන්නේ ඉන්දියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ “Manjith Divakar” ගේ “KAAMA” සිනමාපටය වෙනුවෙන්. ඉතින් ඒ සම්බන්ධව සනුක තබපු සටහනක් තමයි මේ.

ඉන්දියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ “Manjith Divakar” ගේ “KAAMA” ඉන්දියානු දමිළ චිත්‍රපටයට,

චිත්‍රපට ගීත සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වීමට මා හට අවස්ථාව ලැබුණු බව සතුටින් සහ ඉතාම නිහතමානීව ඔබ සමඟ මෙලෙස බෙදාගනිමි.

මෙහි චිත්‍රපට ගීත පද රචනය, “පොතුවිල් අස්මින්”..

මගේ පවුලේ සැම, යහලු යෙහෙළියන්, රසික රසිකාවියන් ඇතුළු මට ශක්තියක් වන සියලුමදෙනාට මගේ හර්දයාංගම ස්තූතිය සහ ආදරය පුදකරමි…
— සණුක වික්‍රමසිංහ