ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක්

ගාසා තීරයේ දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීම සඳහා මානුෂීය සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මේ යටතේ ගාසා හි ළමයින් හයලක්ෂ හතලිස්දහසකට පමණ එන්නත් කිරීම සිය ඉලක්කය බවයි.

අනිද්දා සිට ආරම්භ කෙරෙන මෙම එන්නත්කරණ කටයුතු ගාසා තීරයේ මධ්‍යම, දකුණු සහ උතුරු කොටසේ අදියර තුනකින් සිදුකෙරුණු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එන්නත්කරණය සිදු කෙරෙන පෙරවරු 6ත් පස්වරු 3ත් අතර කාලයේදී අඛණ්ඩව සටන් විරාමයක් ලබාදීමට ද ඊශ්‍රායලය මෙහිදී එකඟවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත්තේ.