හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට දින නියම කිරීමට කටයුතු කරන බව, මැතිවරණ කොමිසම පවසනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුකූලව, එලෙස දින නියම කිරීම හැකි ඉක්මනින් සිදු කිරීමට කටයුතු කරන බවද එම කොමිසම සඳහන් කළා.
එමෙන්ම, වෙනත් මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරයද සැළකිල්ලට ගෙන දින නියම කිරීම සිදුකරන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් පැවසුවේ.

