ලොව වයස්ගතම sloth සත්ත්වයා වන Jan මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා .
54 හැවිරිදි Jan බටහිර ජර්මනියේ Krefeld නගරයේ සත්වෝද්‍යානයේ ජීවත් වූවා.
සත්වෝද්‍යානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සතියේ දී Jan මිය ගිය බවයි .
1969 දී උපත ලද මෙම සත්ත්වයා මුලින්ම Hamburg හි Hagenbeck සත්වෝද්‍යානයේ ජීවත් වූ අතර පසුව ක්රෙෆෙල්ඩ් සත්වෝද්‍යානයේ සිය ජීවිතයේ අවසාන වසර 38 ගත කර තිබෙනවා.
“මිනිස් රැකවරණයේ සිටින වයස්ගතම sloth සත්ත්වයා” යන ගිනස් වාර්තාවට ද Jan 2021 වසරේ දී හිමිකම් කියනු ලැබුවා .
මේ සත්ත්වයා පැටවුන් 22ක් සඳහා පිතෘභාවය දරනු ලබනවා .

