ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) වත්මන් ලේකම්වරයා වන ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ස්වාධීන සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වී තිබෙනවා.
ඒ අනුව 2024 දෙසැම්බර් 01 වැනිදා සිට ඔහු එම තනතුරේ වැඩ භාරගන්නා බවයි වාර්තා වන්නේ.
ඔහු 2019 ඔක්තෝම්බර් මාසයේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්ධුරය දරනු ලබන අතර 2021 ජනවාරි මාසයේ සිට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා .
LA 2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කිරීම සිය එක් අරමුණක් බවයි හෙතෙම සිය අනාගත සැලැස්ම සම්බන්ධයෙන් අදහස් දැක්වුයේ .

