නිළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඇරඹෙයි

මෙවර ජනාධිපතිවරණයේ නිළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු‍ බෙදාහැරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද දිනය පුරා එම බෙදාහැරීම් කටයුතු මධ්‍යස්ථාන 25 ක් වෙත සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

සහතික කළ තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු‍ හෙට සිට අදාළ රාජ්‍ය ආයතන වෙත ලැබෙනු ඇති.

ලබන මස 4, 5, 6 දිනවල තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන අතර එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 අතිරේක දින ලෙස ලබා දී තිබෙනවා.

මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවන හත් ලක්ෂ දොළොස් දහස් තුන්සිය විසි එකක්.