උතුරු කොරියාව මරා ගෙන මැරෙන ඩ්‍රෝන යානා නිපදවන්න යයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් ඩ්‍රෝනයානාවල කෘත්‍රීම බුද්ධිය වර්ධනය කර මිනිසුන් රහිත මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා නිපදවන ලෙසට එරට පර්යේෂකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියාවේ ආරක්ෂක විද්‍යා ඇකඩමියේ ඩ්‍රෝන් ආයතනයට ගිය අවස්ථාවේ මෙම ඉල්ලීම කර ඇති බවටය.

එහිදී උතුරු කොරියානු නායකයා සැළසුම් කළ මාර්ගයක් ඔස්සේ පියාසර කර නියමිත ඉලක්කය නිවැරදිව හඳුනාගත හැකි ඩ්‍රෝන යානා සම්බන්ධ පරීක්ෂණයක් ද නරඹා තිබෙනවා.

මෙහිදී ඔහු වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ පාබල හමුදා වෙනුවෙන් සහ දිය යට මරාගෙන මැරෙන ප්‍රහාරක ඩ්‍රෝන යානා වැනි විශේෂ මෙහෙයුම් සඳහා මෙන්ම උපාය මාර්ගික ඔත්තු බැලීමේ සහ බහුකාර්ය ප්‍රහාරක ඩ්‍රෝන යානා නිපදවන ලෙසටයි.

මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා යුක්රේනයේ මෙන්ම මැදපෙරදිග යුද්ධයේදී ද භාවිත කරන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.