හෙට පැය 15ක කොළඹට ජල කප්පාදුවක්

හෙට (14) වන ඉරිදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

14 වැනිදා පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ 02, 03, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙනවා.