Telegram සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රධාන විධායක නිලධාරියා සම-නිර්මාතෘ වන Pavel Durov ප්‍රංශයේ Bourget ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සිය පුද්ගලික ජෙට් යානයේ ගමන් කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි TF1 එහි වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ .
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ටෙලිග්‍රෑම් හරහා වැරදි සහගත පණිවුඩ හුවමාරු කිරීම පිළිබද ලැබී තිබූ වරෙන්තුවකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති බවය.
39 හැවිරිදි පාවෙල් ඩුරොව් අද අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු කිරීමට නියමිත බවද සදහන්.
රුසියාවේ උපන් මොහු මේ වන විට ඩුබායි හි ජීවත් වන අතර ප්‍රංශයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද්විත්ව පුරවැසිභාවය ද දරනු ලබනවා .

