අමෙරිකාවේ උපත ලද ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් වන ලොව වයස්ගතම පුද්ගලයා වන මාරියා බ්රැන්යාස් මොරේරා මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය අගෝස්තු 19 වනදා , ස්පාඤ්ඤයේ දී මිය ගොස් තිබෙනවා . ඒ වන විට ඇය 117 වන වියෙහි පසු වී තිබෙනවා .
මාරියා බ්රැන්යාස් මොරේරා 1918 ලෝක වසංගත සමය, ලෝක යුද්ධ දෙකක් සහ ස්පාඤ්ඤය සිවිල් යුද්ධය යන සුවිශේෂි කඩඉම් රැසක් අත්විදි කාන්තාවක්.
ඉකුත් දශක දෙක තුළ ඇය ජීවත් වූයේ ස්පාඤ්ඤයේ ”ඔලොට්” නගරයේ සැන්ටා මරියා දෙල් තුරා සාත්තු නිවාසයකයි.
1907 මාර්තු 04 වැනිදා අමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝහි දී උපත ලැබූ ඇය, පසුව ස්පාඤ්ඤය වෙත පැමිණ ඇත්තේ, කුඩා කාලයේ දී පවුල්ලේ සාමාජිකයන් ද සමගින්.



