2024 – 08 – 18

හිරු නැගීම – 06 : 03

හිරු මුදුන් වීම – 12 : 13

හිරු බැසීම – 18 : 23

අද අගෝස්තු මාසේ දහටවෙනිදා , ඉරිදා .

මේ ඉරිදා දවස නම් සතුටින් ඉන්න පුළුවන් , මොකද හෙට සඳුදා කියන්නෙත් නිවාඩු දවසක් නේ . . හිකිස් . ඉතින් මේ දීර්ඝ සති අන්තය කොහොමද ඔයාලට ? වැඩක් කර ගත්තද ? හිතේ සතුටින් ද ? මේ ප්‍රශ්න දෙකටම උත්තරය ඔව් නම් ඔයා හොඳට මේ සති අන්තය ගත කරලා තියෙනවා . එකකට හරි නෑ නම් දුක් වෙන්න එපා , අදත් එක්ක තව දවසක් ම තියෙනවා ඔයාට ඔයාගේ වැඩ ටික කර ගන්න .

අද දවස ගත්තොත් අද Couple’s Day එක . ඉතිහාසයේ ඉඳන් මේ දක්වා ලෝකයේ සහ ලංකාවේ ප්‍රසිද්ධ වුණු කපල් ගොඩක් ඉන්නවා . මේ ලෝකේ හිටපු පලවෙනි කපල් එක විදිහට සලකන්නේ Adam සහ Eve. ඉස්සර නම් කපල් එකක් කිව්වම ගැහැණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් තමයි ඔලුවට එන්නේ . දැන් නම් කපල් එකක් කිව්වම එක එක විදිහට හිතා ගන්න පුළුවන් . පිරිමි කෙනෙක් පිරිමි කෙනෙක් , ගැහැණු කෙනෙක් ගැහැණු කෙනෙක්, සහ පිරිමි කෙනෙක් සහ ගැහැණු කෙනෙක් . ඉස්සරහට කපල් කිව්වම තව මොනවා හිතන්න වෙයි ද දන්නේ නැහැ නේ මෙහෙම ගියොත් නම් . ..

සමලිංගිකත්වය කියන දේ මේ ලෝකේ අද ඊයේ ඇති වුණු දෙයක් නෙමෙයි , ඉන්දියාවේ කෝවිල් වල තියෙන මූර්ති කැටයම් වලත් මේ සමලිංගික දර්ශන ඇතුලත් වෙලා තියෙනවා . කොහොම වුණත් ඒ කාලේ මේ සමලිංගිකත්වයට නැඹුරු වීම කියන දේ මෙච්චර open විදිහට කතා කළේ නැහැ . ඒ නිසාම ඒ දේ ප්‍රසිද්ධ දෙයක් වුණෙත් නැහැ , සහ ඒ දේට මිනිස්සු එච්චර නැඹුරු වුණෙත් නැහැ .

දැන් නම් එහෙම හැඟීම් නැති අයගෙත් හැඟීම් ඇති කරවන විදිහට තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ .

Helium කියන මුලද්‍රව්‍ය හොයා ගත්තේ 1868 අවුරුද්දේ අද වගේ දවසක . Pierre Janssen, සහ Norman Lockyer යන අය විසින් තමයි මේ මූලද්‍රව්‍ය අනාවරණය කර ගත්තේ . මේ දෙන්නා වෙන වෙනම තමයි හීලියම් සූර්‍ය වර්ණාවලියේ ඇති බව සොයා ගෙන තියෙන්නේ . William Ramsay කියන විද්‍යාඥයා විසින් තමයි පෘථිවියේ හීලියම් ඇති බවට සොයා ගත්තේ .

එහෙනම් මේ ඉරිදා දවස සතුටින් ගත කරන්න .

ජය වේවා ! තෙරුවන් සරණයි !