අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල මේ වනවිට පැතිර යන වඳුරු උණ (monkeypox) ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, ජාත්‍යන්තර සෞඛ්‍ය නීතිය යටතේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම මෙයවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම වසංගතය වැළඳීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 450 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වසංගතය මේ වනවිට මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී ඇති අතර, මෙහි නව ප්‍රභේදය කෙතරම් වේගයෙන් ව්‍යාප්ත වන්නේද යන්න සහ එහි ඉහළ මරණ අනුපාතය පිළිබඳව විද්‍යාඥයින් සැළකිලිමත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වඳුරු උණ සම්ප්‍රේෂණයවන්නේ ලිංගික සබඳතා මගින්, ස්පර්ශය මගින්, වෙනත් පුද්ගලයෙකු සමග සමීප සබඳතා පැවැත්වීම මගින් බව විද්‍යාඥයින් සඳහන් කරනවා.
එය උණ, වේදනාකාරී කැක්කුම්, හිසරදය, මාංශ පේශි වේදනාව, අඩු ශක්තිය සහ වසා ගැටිති විශාල වීම වැනි රෝග ලක්ෂණ ඇති කරන අතර, සමේ තුවාල ඇති වීමෙන් මාරාන්තික තත්ත්වයට පත්වෙයි.
මෙම වසංගතය සෑදෙන සෑම සිය දෙනෙක්ගෙන් හතර දෙනෙක් මරණයට පත්වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

