පස්සර, පැල්ගහතැන්න නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ ශ්‍රී ලාංකිකයන් 62 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (11) සිය නිරෝධායන කාලය අවසන් කර ගම්බිම් බලා පිටත්ව ගොස් ඇත.
කටාර් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙසේ නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය.
මේ අතර ඊයේ (10) දිනයේ දී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 81 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 12,533 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.
එසේම ත්‍රිවිධ හමුදාව මගින් පවත්වා ගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 43ක පුද්ගලයින් 5060 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

