බංග්ලාදේශයේ අගමැතිනි ෂෙයික් හසීනා ට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට විරෝධතා සහ උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබෙනවා.
දස දහස් ගණන විරෝධතාකරුවන් මේ වෙන විට වීථි වලට පැමිණ ඇති අතර ඔවුන් සඳහා විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ස්ටන් ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මේ හේතුවෙන් පොලිස් නිලධාරීන් 13 ක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 91 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බංග්ලාදේශ පොලිසියේ අතිරේක නියෝජ්‍ය පොලිස්පති විජේ බසාක් පවසන පරිදි වයඹ දිග සිරාජ්ගන්ජ් නගරයේ එනයෙට්පූර් පොලිස් ස්ථානයේදී පොලිසියට ද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

