හිරු නැගීම – 06 : 03
හිරු මුදුන් වීම – 12 : 15
හිරු බැසීම – 18 : 27
අද අගෝස්තු මාසේ පස්වෙනිදා, සඳුදා.
අද අලුත් සතියක ආරම්භය. අගෝස්තු මාසේ පලවෙනි සඳුදා දවස තමයි අද. ඉතින් මේ සතියේ ඔයාගේ වැඩ කටයුතු ඔක්කොම හොඳින් කර ගන්න ලැබේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා.
අද දවස ගත්තොත් අද වෙන් වෙලා තියෙන්නේ හැමෝම උදේ සහ සවස දෙකේම දකින්න අකැමති දෙයක් ගැන, ටිකක් stress වැඩි වෙන තැනක් ඇත්තටම මේක. ඒ තමයි Traffic Light. හිකිස්.. සඳුදා උදේ මේ නම අහනකොටත් ඔලුවට අමාරුවක් වගේ දැනෙන්න පුළුවන්. කොහොම හරි අද International Traffic Light Day එක. 1868 වසරේ දී ලන්ඩන් වල තමයි ඉස්සෙල්ලම මෙහෙම Traffic Light භාවිතා කරලා තියෙන්නේ. ඒ කාලේ එක ක්‍රියාත්මක කරලා තියෙන්නේ ගෑස් භාවිතා කරලා.
1914 වසරේ අගෝස්තු 05 වෙනිදා දවසම තමයි පලවෙනි electric Traffic Light එක ඇවිත් තියෙන්නේ. මාර්ගයේ ඉන්න සියලු දෙනාගේම ආරක්ෂාව ගැන සහ හැම වාහනයකටම තදබදය අවම කරමින් ගමන් කරන්න පුළුවන් වෙන්න තමයි මෙහෙම Traffic Light එකක් හඳුන්වලා දීලා තියෙන්නේ.
අද වෙනකොට නම් මේ Traffic Light කියන එක ඔලුවට වදයක් කියලා හිතුනත්, ඒක නැත්නම් මාර්ග අනතුරු මීටත් වඩා ඉහළ යන්න තිබුනා.
ඒ වගේම අගෝස්තු 1 සිට අගෝස්තු 7 දක්වා International Clown Week එක යෙදිලා තියෙනවා.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.
ජය වේවා, තෙරුවන් සරණයි!

