පූස් මලපහ වලින් ස්නායු රෝග සුව කළ හැකි බෙහෙතක්

බළල් බෙටිවල බහුලව දැකිය හැකි පරයෝෂිතයකුගේ උදවුවෙන්, ස්නායු රෝගී තත්ත්වයන් වන ඇල්සයිමර් සහ පාර්කින්සන් සුව කිරීමට හැකි බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙනවා.

‘Toxoplasma gondii’ යන නමින් හැඳින්වෙන මෙම පර්යෝෂිතයා, යොදා ගනිමින්, විශේෂිත ප්‍රෝටීනයක්, කෙළින්ම මොළයට ලැබෙන්න සලස්වා, ඇල්සයිමර් සහ පාර්කින්සන් ස්නායු රෝගී තත්ත්වයන් සුව කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ලොව ජනගහනයෙන් තුනෙන් එකක් වැනි ප්‍රමාණයකගේ ශරීර තුල මෙම පරපෝෂිතයා අක්‍රීයව සිටින බවට ඔවුන් සඳහන් කරනවා.

Glasgow සහ Tel Aviv විශ්ව විද්‍යාලවල වෛද්‍ය පර්යේෂණයන් විසිනුයි මෙම අපූරු පරීක්ෂණය සිදු කර තිබෙන්නේ.

‘Nature Microbiology’ වෛද්‍ය විද්‍යා සඟරාවේ, මේ සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් පළ වෙයි.