ice cream කන්න අපි කවුරුත් කැමති නේ… ඉතින් ice cream වගේම තියෙන රස කෑමක් හදන විදිහ ගැන තමයි අද අපි අරගෙන ආවේ. මේක හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හරිම ලේසියෙන් හදන්න පුළුවන් දෙයක්.
එහෙනම් අපි බලමු මේකට මොනවද ඕනේ කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
- තමන් කැමති පළතුරු කෝප්ප 3 (කොමඩු හෝ පැෂන් වගේ පළතුරක් ගන්නවා නම් වඩා හොඳයි)
- වතුර කෝප්ප 1/4
- සීනි කෝප්ප 1/4
- දෙහි ගෙඩි 1/2
සාදාගන්නා ආකාරය
පළතුරු අයිස් කැට මෙන් සීත වන තුරු පැය 3 ක් පමණ අධි ශීතකරණයේ තබන්න. වතුර සහ සීනි එකතු කොට උණු කර සීනි සිරප් එකක් සාදා නිවෙන්න ඉඩ හරින්න. පසුව මේ සියල්ල එක් කොට බ්ලෙන්ඩ් කර පැය 6 ක් පමණ අධි ශීතකරණයේ තබගන්න.
ඔයාලත් හදලා බලන්නකෝ…


