හිරු නැගීම – 06 : 03
හිරු මුදුන් වීම – 12 : 15
හිරු බැසීම – 18 : 27
අද අගෝස්තු මාසේ තුන්වෙනිදා, සෙනසුරාදා.
අලුත් මාසේ පලවෙනි සති අන්තය තමයි මේ… ජීවිතේ සතියේ දවස් පහම ගොඩක් අයට වෙහෙසකරයි.. අපි අවුරුද්දෙන් අවුරුද්ද වයසට යනකොට තමයි සතියේ දවස් පහ කොච්චර අමාරුද කියලා හරියටම තේරෙන්නේ. අමාරු ගමනක යන හැම හැම කෙනාටම සති අන්තය කියන්නේ අම්බලමක් වගේ තැනක්. ඉතින් ඒ අම්බලමේ නතර වෙලා විවේක ගන්නවා කියන එක ඔයා සතු option එකක්.
එත් මන් ඔබට යෝජනා කරනවා හෝරාවකට හරි එකේ නතර වෙලා ටිකක් ඉන්න කියලා… ටිකක් නවතින්න කියලා…
එක එක මාසවල ඉපදිලා තියෙන අයට එක එක මල් තියෙනවා නේ.. අගෝස්තු මාසයට තියෙන මල තමයි Gladiolus කියන්නේ. දම්, නිල්, රතු, සුදු වගේ පාට ගොඩකින් මේ මල තියෙනවා. පොඩි පඳුරක උඩින් හැදෙන ලස්සන මල් වර්ගයක් මේක…
ඒ වගේම අගෝස්තු මාසයේ ඉපදුන ඔයාගේ Birthstone එක වෙන්නේ Peridot. කොළ පාටකින් යුතු මේ මැණික විවිධ කොළ shades වලින් බලා ගන්න පුලුවන් වෙනවා.
අද දවස ගත්තොත් අද International Hangover Day එක. ඉතින් කට්ටිය එක්ක එළියට යන්න, එකතු වෙලා විනෝද වෙන්නම තියෙන දවසක් අද.. ඉතින් එහෙම එලියට යන්න විනෝද වෙන්න කට්ටිය තෝරා ගන්නකොට අපේ මානසිකත්වය තවත් පහළට දාන අය නම් තෝරා ගන්න එපා. අපේ මනස relax කර ගන්න කියලා එහෙම අය එක්ක එළියට ගියාම අපිට වෙන්නේ තවත් ඔලුව අවුල් කර ගෙන ගෙදර එන්න…
හැමවෙලේම ඔයා ආශ්රය කරන අය මොන වගේ අය ද කියලා දැන ගන්න… හොඳ අයව විතරක් ආශ්රය කරන්න… එහෙම නැත්නම් ඔයාට ලොකු වන්දියක් ඒ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙයි..
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!


