වසර දොළහකට පසු මෙරට වනඅලි සංගණනයක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
රටපුරා දීපව්‍යාප්තව මෙම සංගණනය කිරීමටයි වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ.
ඒ අනූව අගෝස්තු මස 19,20 මෙම කටයුතු සිදුකිරීමට නියමිතයි.
වනඅලි සංගණනය අවසන්වරට 2011 වසරේදී සිදුකළ බවයි පැවසෙන්නේ.
එහිදී වන අලි 5,879 දෙනෙකු සිටින බවට හදුනාගෙන තිබුණා.
මේ කටයුතු සඳහා වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් 4500ක් සමග යුද හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසක් එක්වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

