2024 – 07 – 24

හිරු නැගීම – 06 : 02

හිරු මුදුන් වීම – 12 : 15

හිරු බැසීම – 18 : 29

අද ජූලි 24 වෙනිදා, බදාදා.

අද සතියේ මැද දවස. ඉතින් සමහර අයගේ සතිය මේ දක්වා කාලය හොඳ වෙලා ඇති, සමහර අයගේ නම් ටිකක් වැඩියෙන් අමිහිරි දේවල් විඳින්න වුණා ඇති. එහෙම තමයි ජිවිතේ ඉතින්… නේද…

හැමෝටම එකම විදිහට ජිවිතේ ලැබිලා නැහැ නේ. අපේ මේ ලැබිලා තියෙන බොහොමයක් දේවල් වෙලා තියෙන්නේ අපේ ජීවිතේ අපි කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට. මේ ජීවිතේ නොවුණත් ඊට කලින් ජීවිත වල අපි කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දේවල් මෙහෙම සකස් වෙලා තියෙන්නේ.

පුනරුප්පත්තිය කියන දේ දැන් විද්‍යාවෙන් පවා තහවුරු කර ගෙන තියෙනවා. තමන්ගේ අතීත භාවයන් ගැන කියන ළමයින් ඕනේ තරම් මේ වෙනකොට හම්බ වෙලා තියෙනවා, සහ ඒ කතා සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා අද වෙනකොට මේ පුනරුප්පත්තිය කියන සංකල්පය ආගමට විතරක් සීමා වුණු දෙයක් වෙන්නේ නැහැ.

අපිට මුං ඇට වපුරපුවහම එන්නේ මුං ඇට මිසක් තල ඇට නොවෙන නිසා හොඳ දේවල් නොකර තමන්ට හොඳ දේවල් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.

අද දවස ගත්තොත් අද තියෙන විශේෂත්වය තමයි අද International Self Care Day එක. තමන්ගේ ජිවිතේ කොච්චර අය හිටියත් තමන් වැඩි හරියක් ඉන්නේ තමන් එක්ක නිසා, තමන් තමන්ව බලා ගන්න එක අනිවාර්යයෙන් කරන්න ඕනේ. අද විතරක් නෙමෙයි හැම දවසකම තමන් වෙනුවෙන් තත්ත්පරයක් හරි වැය කරලා ඔයා ආස දෙයක් කරන්න.

පොඩි වෙලාවකට ඔක්කොම අමතක කරලා අහස දිහා බලන් ඉන්න එකත් එකතරා ආකාරයකට self care එකක් තමයි. ඒ නිසා තමන්ට තමන්ව මඟ ඇරෙන්න ඉඩ දෙන්න එපා.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!