ඊශ්‍රායලය තවත් රටකට ගුවන් ප්‍රහාර එල්ලකළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
එහි සඳහන් වන්නේ යේමන යේ හූති කැරළිකරුවන් ගේ පාලනයේ පවතින හොඩේයිඩා වරාය ට එසේ ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බවයි.
ඉන් තිදෙනෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
එම ප්‍රහාරය එල්ලකර ඇත්තේ මීට දින දෙකකට පෙර හූති කැරළිකරුවන් විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් බව සඳහන් ය.
ඒ අනුව ඊශ්‍රායලය විසින් ඔක්තෝබර් 7 වනදා හමාස් ප්‍රහාරයෙන් පසුව පලස්තීනය, ලෙබනනය, ඉරානය සහ යේමනයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ලකර තිබේ.

