හිරු නැගීම – 06 : 01
හිරු මුදුන් වීම – 12 : 15
හිරු බැසීම – 18 : 29
අද ජූලි මාසේ විසිඑක් වෙනිදා, ඉරිදා.
සති අන්තයේ අවසාන දවස අද, හෙට ඉඳන් පටන් ගන්න සතියට හිත හදා ගන්න තියෙන අවසාන දවස අද…. හිකිස්… අද ඔයා ගහන ප්ලෑන් එක අනුව ඔයාගේ ලබන සතිය හොඳ වෙනවද නරක වෙනවද කියන එක යම්තාක් දුරට තීරණය වෙනවා. ඒ නිසා මේ සතියේ මොනවද තියෙන වැඩ කටයුතු කියලා පොඩ්ඩක් අද හිතලා බලල සැලසුමක් එහෙම හදා ගන්න.
ඊයේට යෙදුනු පොහෝ දිනයත් එක්ක අද සලොස්වක දවසක් නිසා අද හඳ හොඳට බලා ගන්න පුළුවන්.
2024 කියන අවුරුද්දේ පලවෙනි ඉලක්කම් තුනම එකතු කළාම අන්තිම ඉලක්කමේ අගය එනවා. ඒ වගේම හත්වෙනි මාසේ 21 දවසෙත් දවසේ ඉලක්කම් ටික එකතු කරලා මාසෙන් ගුණ කලාම දවස එනවා – ((2+1)x7). ගණිතය කියන්නේ රටා තියෙන විෂයක්. ගණිතය විතරක් නෙමෙයි බොහෝ දේවල් දිහා හොඳට බැලුවොත් අපිට රටාවක් හඳුනා ගන්න පුළුවන්.
අපේ ජිවිතේ දිහා වුණත් බැලුවත් ඒක එහෙමම තමයි. උදාහරණයක් විදිහට සතියේ දවස් පහ ගන්නකෝ. එකේ නැත්ද රටාවක් හඳුනා ගන්න… ඕනිම කෙනෙක් ගේ උදේට නැගිටිනවා, කනවා, බොනවා, නිදා ගන්නවා කියන අංග ටික තියෙනවා නේ. ඒකට ඉතින් එකතු වෙන අනෙක් දේවල් එකිනෙකාට වෙනස් වුණත් තමන්ට ආවේනිකයි. ඒකට තමයි ජිවන රටාව කියන්නේ…
ඉතින් අද දවසේ විශේෂත්වය ගත්තොත් Ice Cream Day එක. Ice Cream කියන්නේ හැමෝම කැමති කෑමක් නේ.. ඕනි තරම් කන්න පුළුවන් දෙයක්. ඔයාලා දන්නවද ඔයාලගේ Ice Cream එකේ වැඩියෙන්ම තියෙන්නේ මොනවද කියලා… ඒ කිරිවත්, සිනීවත් කෙනෙක්, වාතය. හිකිස්… Ice Cream එකේ වැඩි හරියක් තියෙන්නේ හුලං.
ඉරානයේ Achaemenid අධිරාජයා ගේ කාලයේ, ඒ කියන්නේ ක්රිස්තු පූර්ව 500 වගේ කාලයේ දී තමයි මේ Ice Cream කියන ආහාරය හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකට අපි හිතනවට වඩා ලොකු අතීතයක් තියෙනවා. ඒ කාලේ ඉඳන්ම අධික උණුසුම දෙන කාලවලට තමයි මේවා හදලා තියෙන්නේ.
ඔන්න අද Ice Cream date එකක් යනවා නම් හොඳම දවස….!
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. හෙට ඉඳන් පටන් ගන්න සතිය සුබ වෙන්න කියලා ප්රර්තානා කරනවා.
ජය වේවා! තෙරුවන් සරණයි!


