2024 – 07 – 19

හිරු නැගීම –

හිරු මුදුන් වීම –

හිරු බැසීම –

අද ජූලි මාසේ දහනවවෙනිදා, සිකුරාදා.

සිකුරාදා දවස කියන්නේ ගොඩක් අය ටිකක් නිදහසේ ගත කරන දවස. මොකද හෙට සහ අනිද්දා දවස් දෙකක නිවාඩුවක් තියෙනවා නේ කට්ටියට. ඒ වගේම සිකුරාදා කියන්නේ පොදු ප්‍රවාහන සේවා වලත් ගොඩක් කලබල තියෙන දවසක් කිව්වොත් වැරදි නැහැ.

ඉතින් අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද International Karaoke Day එක. කට්ටිය එක්ක සෙට් වුනාම ඉතින් හරි fun වැඩක් මේක. මේක අද ඊයේ ජනප්‍රිය වුණාට මේකට අවුරුදු 50කට වඩා ලොකු අතීතයක් තියෙනවා. 1970 මුල් කාලයේ තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. මේ Karaoke කියන වචනය හැදිලා තියෙන්නේ kara සහ oke කියන වචන දෙක එකතු කරලා. kara කියන එකේ තේරුම තමයි හිස් කියන එක. එතකොට oke කියන්නේ orchestra එක වගේ තේරුමක් දෙන වචනයක්.

මේ වෙනකොට මේක ගොඩක් ප්‍රසිද්ධ දෙයක් වෙලා තියෙනවා. අලුත් තාක්ෂණයත් මේකට එකතු වෙලා මේ වෙනකොට එක එක වර්ගයේ karoke උපකරණ තියෙනවා.

ඒ වගේම ජූලි කියන්නේ World Watercolor Month එක. ඔන්න මේ weekend එකේ free නම් ඔයාට පුළුවන් watercolor පෙට්ටියක් අර ගෙන පාට කරන්න. පාට කරනවා කියන එක theraphy එකක්, ඒකෙන් අපේ හිතට නිදහසක් දැනෙනවා වගේම, stress එක අඩු කර ගන්නත් හොඳ විදිහයක් ඒක. watercolor විතරක් නෙමෙයි ඕනිම ආකාරයක සෞදර්යය විෂයක් කියන්නේ අපිට වින්දනයක් දෙන දෙයක්.

අපේ ජිවන රටාවත් එක්ක stress එක කියන දේ හැම පැත්තෙන්ම තියෙනවා. ඒක ඇත්තටම 100%ක් නැති කරන්න බැහැ. ඒ නිසා අපි stress එක පොඩි වෙලාවකට හරි අමතක වෙන දේවල් වල යෙදෙන්න ඕනේ. එතකොට හිතට නිදහසක් දැනෙනවා වගේම අපේ වැඩ අපිට හොඳට කර ගන්නත් පුළුවන් වෙනවා.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!