ගණදෙවි කෝවිලේ පූජාවකට තැබූ අඹ ගෙඩි දෙකක් පූජාවෙන් පසුව වෙන්දේසී කිරීමේදී රුපියල් හය ලක්ෂ තුන් දහසකට අලෙවි වී තිබෙනවා.
කිළිනොච්චිය, පලෙයි, කචර්වේලි තන්තෝනාරි ගණදෙවි කෝවිලේ වාර්ෂික මංගල්‍යය අතර තුර (17) දා රාත්‍රී මේ වෙන්දේසිය සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.
කෝවිලේ පූජාවන් පැවැත්වෙන අවසන් දින හතෙන් පස්වන දිනය අඹ මංගල්‍යය ලෙසින් හදුන්වන බවත් එදිනට අඹ සදහා විශේෂ ස්ථානයක් ලබා දීම ගණ දෙවි කෝවිල්වල සම්ප්රදායක බව පැවසෙනවා.
මෙම අඹ මංගල්‍යයේ ‘’වසන්තමණ්ඩ පූජාව ‘’ ලෙස හදුන්වන පූජාවෙන් පසුව ගණ දෙවියන්ගේ පූජාව සඳහා තැබූ අඹ වට්ටිය වෙන්දේසියේදී අලෙවි කරනවා.
කෝවිලේදී පූසාරීවරයා විසින් සිදු කළ වෙන්දේසියේදී අඹ ගෙඩි දෙක මිලදී ගෙන ඇත්තේ කචර්වේලියේ, ආරියකුට්ටි ගම්මානයේ සිට විදෙස් රටකට ගොස් නිවාඩුවකට පැමිණ සිටි වල්පිල්ලේ භූලෝකම්ගේ නැමති පවුලේ උදවිය විසින් බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මේ අන්දමට මිලට ගන්නා අඹ ඔවුන් ආහාරයට නොගෙන නිවසේ උස් තැනක එල්ලා තබන අතර ඒ තුලින් එම නිවසට හා නිවසේ උදවියට සශ්‍රිකත්වය හා වාසනාව උදාවන බවට හින්දු ජනතව තුළ විශ්වාසයක් පවතින බවද පැවසෙනවා.

