ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් -19 වෛරසය ආසාදන වී ඇතැයි වාර්තා වෙනවා.

ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ මත සිදුකළ පරික්ෂාවකදී ඒ පිළිබඳ තහවුරු වී තිබෙනවා.

81 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය රෝගී තත්ත්වය හේතුවෙන් අද (18) පැවැත්වීමට නියමිතව තිබු සිය දේශපාලන ප්‍රචාරක රැස්වීමක් ද අවලංගු කර තිබේ.

ජෝ බයිඩන් ජනාධිපතිවරයාට මීට පෙර අවස්ථා දෙකකදී ද කොවිඩ් වෛරය ආසාදනය වී තිබිණි.