2024 – 07 – 18

හිරු නැගීම – 06 : 01

හිරු මුදුන් වීම – 12 : 15

හිරු බැසීම – 18 : 29

අද ජූලි මාසේ දහඅටවෙනිදා, බ්‍රහස්පතින්දා.

වෙලාව කියන්නේ වෙලාවකට අපිව හිර කරලා තියෙන දෙයක් වෙනවා නේද. අපි කොච්චර ආසාවෙන් විඳින දේවල් වුණත් අපිට සීමා කරන්නේ වෙලාව. හිත ඇති කියනකම් ඉන්නේ නැතුව නොසන්සිදුනු ආශාවලින් ආයෙමත් හැරෙන්න වෙන්නේ වෙලාව නිසා. සමහර වෙලාවට අපිට මේ දෙයට මෙච්චර වෙලාවක් ඕනි කියලා කියන්නේ නැත්නම් ගොඩක් තැන් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.

වෙලාව හරස් වෙන්නේ නැතිව දේවල් අත්දකින්න ලැබුනම, අපිට ඒ දේ 0 ඉදන් අපි කැමති උපරිමයක් දක්වා ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා. ටිකක් හිතලා බලන්න ඕනේ දෙයක්, එහෙම නේද…

අද දවසේ විශේෂත්වය ගත්තොත් අද World Listening Day එක. අපි ගොඩක් අය තව කෙනෙක් කියන දෙයකට ඇහුම්කන් දෙන්නේ අපි ඒකට හරහට පිළිතුරක් දෙන්න මිසක් ඒ දේ තේරුම් ගන්න නෙමෙයි නේ. එහෙම තේරුම් ගන්න ඇහුන්කම් දෙන අය ගොඩක් අඩුයි. ඒ නිසාම තමයි දෙන්නට දෙන්න තේරුම් ගන්නේ නැතුව ඔහේ කියවන ගිහින් ප්‍රශ්න ඇති වෙන්නේ.

අපි අහුම්කන්න දෙන්න පනේ අනෙක් අයට විතරක් නෙමෙයි, අපි අපිටත් ඇහුම්කන් දෙන්න ඕනේ. අපේ ශරීරය කියන දේවල් වලට් ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ ව වගේම ස්වාභාව ධර්මයට, මේ විශ්වයට අපි ඇහුම්කන් දෙන්න ඕනේ.

ඒ වගේම අද Nelson Mandela International Day එක. Nelson Mandela කියන්නේ සාමය, සහ සමානාත්මතාවය වෙනුවෙන් ඉතා විශාල සේවයක් සිදු කරපු කෙනෙක්. ඔහු දකුණු අප්‍රිකාවේ පළමු කළු ජනාධිපතිවරයා විදිහටත් ඉතිහාසගත වෙනවා.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. අද පිළිතුරු දෙන්න නෙමෙයි තේරුම් ගන්න ඇහුම්කන් දෙන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!