සංශෝධිත ජල ගාස්තු ප්‍රතිපත්තිය ලබන වසරේ සිට

සංශෝධිත ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය 2025 සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වි තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්‍රතිපත්ති සහ සුත්‍රය පසුගිය අප්‍රේල් 04 වැනිදා අමාත්‍ය මණ්ඩලයට රැස්වීමේ දී සාකච්ඡා කර ඇත්තේ.

එහිදී අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ඉදිරිපත් කිරීමට නියමිත කර තිබෙනවා.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා විසින්.