හිරු නැගීම – 06 : 00
හිරු මුදුන් වීම – 12 : 15
හිරු බැසීම – 18 : 29
අද ජූලි මාසේ දාසය වෙනිදා, අඟහරුවාදා.
අද අඟහරුවා දවස… ඉතින් සතියේ දෙවෙනි දවස අද. අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද World Snake Day එක. ගොඩක් වෙලාවට ඕනෙම snake කෙනෙක් කියන්නේ ගොඩක් අයට නම් නයෙක්. ඒ වුණත් නයා නොවෙන අනෙකුත් snake වන සර්පයන් ගොඩක් ඉන්නවා. සර්පයන් කියන්නේ බඩ ගා ගෙන යන, සංචරණය සඳහා සැලසුණු විශේෂ අවයව මොකුත් නැති උරග කොට්ඨාසයක්.
මේ වෙනකොට සර්ප විශේෂ 35,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන තියෙනවා. සර්පයන්ගෙන් සමහර අය නම් විෂ සහිත වෙනවා. කොහොම වුණත් 25%ක් වගේ ඉතාම සුළු පිරිසක් තමයි මෙහෙම විෂ සහිත වෙනවා කියලා හොයා ගෙන තියෙන්නේ. අර කලින් කිව්වා නයා, පොළඟා වගේ සර්පයන් උග්‍ර විෂ සහිත වෙනවා. මෙයාලා අපිට සපා කෑවොත් බොහෝ වෙලාවට ඉතාම දරුණු තත්ත්වයන්ට ඒ කියන්නේ මරණයට පවා අපිට මුහුණ දෙන්න වෙනවා.
දැක්ක දැක්ක තැන මෙයා විෂයි කියලා සර්පයන් මරා දැමීම නිසා සහ වාසස්ථාන අහිමි වීම නිසා මේ වෙනකොට සර්පයන් බොහෝ පිරිසක් වඳ වී යෑමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා නයෙක් වුණත් මරල දාන්නේ නැතුව ඒ අදාළ අංශ දැනුවත් කරලා එයාව අල්ලලා කැලයකට ගිහින් දාන එක තමයි කරන්න ඕනේ. මොනවා වුණත් ඒත් ජිවිතයක් නේ… එයාලට ඒ විෂ ලැබිලා තියෙන්නේ එයාලගේ ආරක්ෂාව සහ ආහාර හොයා ගන්න මිසක් මිනිසුන්ව මරන්න නෙමෙයි නේ..
ලංකාවට ආවේනික සර්පයන් විශේෂ 54ක් ඉන්නවා කියලා තියෙනවා.
ඒ වගේම තමයි අද Spinach Day හෙවත් නිවිති දවස. සමහර දෙනාට නම් පෙන්නම බැරි කෑමක් වෙන්න පුළුවන් නේ නිවිති. ඒ වුණත් හරිම ගුණදායි දෙයක්. vitamin, ඛනිජ ලවන බහුලයි මේ නිවිති වල.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

