Cartoon Network නාලිකාව වැසෙයි ද?

පුංචි ළමයෙන්ගේ ළමා ජිවිතයට රස මතක එකතු කළ Cartoon Network නාලිකාව වසා දැමීමට සූදානම් වන බවට කටකතාවක් මේ වෙනකොට පැතිරෙමින් තියෙනවා.

මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලා වල #RIPCartoonNetwork කියන hashtag එක බෙහෙවින් ජනප්‍රිය වෙලා තියෙනවා.

Animation Workers Ignited කියන X account හරහා පළ කරලා තියෙන පහළ වීඩියෝ එක නිසා තමයි මෙහෙම මේ Cartoon Network නාලිකාව වසා දාන්න යනවා කියලා කට්ටිය කතා වෙන්න ගත්තේ.

කොහොම වුණත් එහෙම වසා දැමීමක් සිදු නොවෙන බව තමයි තවත් කට්ටියක් කියන්නේ නම්.

මෙම Cartoon Network නාලිකාව 1992 ඔක්තෝබර් 1 වන දින ආරම්භ වෙලා තියෙනවා.

Ben 10, සහ Courage and the Cowardly Dog වැනි ප්‍රකට රූපවාහිනී වැඩසටහන් ගණනාවක්ම මේකේ නිෂ්පාදනය වෙලා තියෙනවා.